බිඳවැටීමට සලස්වා තිබෙන එදිරිසිංහ ට‍්‍රස්ට් ඉන්වෙස්මන්ට් (ETI) සමාගමේ හිමිකාර පවුලේ සාමාජිකාවක වන දීපා එදිරිසිංහ කොළඹ මහ නගර සභාවේ මෛත‍්‍රී පිලේ මන්ත‍්‍රීවරියක බව හෙළි වේ.
එම පිලේ කාන්තා නියෝජනය සම්පූර්ණ කිරීම වෙනුවෙන් ඇය පත් කර තිබේ. බංකොලොත් කරන ලද ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ මහජන තැන්පතු කුමන්ත‍්‍රණකාරී ලෙස කොල්ලකා විදේශයන්හි වත්කම් මිල දී ගැනීමට එදිරිසිංහ පවුලේ සාමාජිකයන් සියලු දෙනාම ක්‍රියා කර තිබිණි. ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ අතර සිටින එකම සාමාජිකාව දීපා එදිරිසිංහය.
මූල්‍ය අපරාධ පිළිබඳ චෝදනා එල්ල වී තිබිය දී ද එම පවුලෙන් දීපා එදිරිසිංහ මන්ත‍්‍රීවරියක සේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද්දේ කුමන අරමුණකින් ද යන්න මේ වනවිට බරපතළ සැකයකට තුඩු දී තිබේ.
මේ අතර පසුගිය සති අන්තයේ පුවත් පතකින් වාර්තා කර තිබුණේ, එම පවුලේ සියලු දෙනාම රටින් පලා යාමේ සූදානමක් තිබෙන බවය.
ප‍්‍රියදර්ශන දයාරත්න – ලංකා ඉරිදා සංග්‍රහය










