යහපාලන ආණ්ඩුව යටතේ ඉන්ධන මිල සූත‍්‍රයක් යොදා ගනිමින් දිගින් දිගටම ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව රට පුරා පළාත් පාලන ආයතනවල ජවිපෙ මන්ත්‍රීවරුන් විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කොට ඇත.
බොහෝ පළාත් පාලන ආයතනවල එක්සත් ජාතික පක්ෂයේ, මෛත්‍රී පිලේ සහ මහින්ද පිලේ මන්ත්‍රීවරු අදාළ යෝජනා ප‍්‍රතික්ෂේප කොට ඇත.
කුරුණෑගල මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ඒ.ඒ. රනුක සනංජය මහතා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාව නගර සභාවේ බලය හිමි මහින්ද පිලේ මන්ත්‍රී කණ්ඩායමේ හෝ එක්සත් ජාතික පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු විසින් ස්ථිර කොට නොමැත. ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ දී ද මේ තත්ත්වය දැකගත හැකි විය.
ඔවුන් විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහි යෝජනාව විවේචනය කර ඇත්තේ කිසිදු හිරිකිතයකින් තොරව බව වාර්තා වේ.
ජනතාවට බරපතළ ලෙස දැනෙන ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් මැදිහත් වෙනවා වෙනුවට පොහොට්ටු කණ්ඩායම බොහෝ පළාත් පාලන ආයතනවල සහයෝගීතා දේශපාලනයක නිරත වෙමින් ජනතාව රවටමින් සිටින බව ද වැඩි දුරටත් වාර්තා වේ.










