මහින්ද පිලේ මන්ත්‍රී දෙපිරිසක් අතර ගුටි හුවමාරුවක් – මන්ත්‍රීවරයෙක් මාරාන්තික උපවාසයක

මහින්ද පිලේ මන්ත්‍රී දෙපිරිසක් අතර ගුටි හුවමාරුවක් – මන්ත්‍රීවරයෙක් මාරාන්තික උපවාසයක

රත්තොට ප්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රීවරයෙකු වන තිලක් කුමාරසිරි මහතාට එම පක්ෂයේම මන්ත්‍රීරිවරයෙකු හා ඔහුගේ පියා මැර පිරිසක් සමඟ පසුගිය සිකුරාදා (05) සිදු කළ පහර දීමකට විරෝධය දක්වමින් එම මන්ත්‍රීවරයා ඊයේ (07) සිට ප්‍රාදේශීය සභාව ඉදිරිපිට බිම වාඩිවී මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

පසුගිය සිදකුරාදා පැවති සභාවාරය නිම වී පිටතට පැමිණිමේදී මෙම පිරිස පැමිණ තමන්ට මෙලෙස පහරදුන් බව මන්ත්‍රි තිලක් කුමාරසිරි මහතා පවසයි.

පසුගිය සභාවරයේදී ප්‍රාදේශීය සභාව තුළ ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් සභාව අවසන් වි පිටතට පැමිණෙන අවස්ථාවේදී මහින්ද පිලේම ප්‍රදේශීය සභා මන්ත්‍රිවරයෙකු වන දිනේෂ් මහතා හා ඔහුගේ පියාවන හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත පුෂ්පකුමාර මහතා සමඟ මැර පිරිසක් සමග පැමිණ තමාට පහරදුන් බවට ඔහු චෝදනා කරයි.

එම සිද්ධියට අදාළව ප්‍රාදෙශිය සභා මන්ත්‍රීවරයා හිටපු සභාපතිවරයා හා තවත් පුද්ගලයෙකු ඊයේ (07) රත්තොට පොලිසය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn