අධික වර්ෂාවත් සමඟ දියවන්නා ඔය පිටාර මට්ටමක පැවතීම හේතුවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ සහන සේවා කටයුතු සඳහා යුද හමුදාවේ භටයින් 60 දෙනෙකු යෙදවීමට කටයුතු කළ බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
ඒ අනුව ජල ගැලීම් තත්ත්වය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය දෙපස වැලි කොට්ට යොදා බැම්මක් සකස් කිරීමට පියවර ගැනිණි.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (08) දිනයේත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


8










