විජයකලාට ඇප

විජයකලාට ඇප

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නඟා සිටුවිය යුතු බවට උතුරේ පැවැති පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී  ප්‍රකාශයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද(08) පෙරවරුවේ අත්අඩංගුට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකාර විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහල අතර පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 7 වනදා කැඳවීමට නියම කළේය. එදින සැකකාරිය සම්බන්ධයෙන් ගන්නා නීතිමය ක්‍රියාමාර්ගය මොනවාද යන්න අධිකරණය දැනුවත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම් දුන්නේය.

Facebook
Twitter
LinkedIn