ගොවි අයිතීන් කප්පාදු කිරීම, අස්වැන්නට සාධාරණ මිලක් ලබා නොදීම, බදු මිලෙන් බදු බරෙන් ජනතාව පෙලමින් ජනතාව පීඩාවට පත්කරමින් පාලනය ගෙනයන වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ලබන 23වනදා කොළඹදී පවත්වන විරෝධතාවයට සහාය පල කරමින් රටේ සියළුම ගොවි ජනතාව සමග එකතුවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ වනවිට දඹුල්ලේදී පවත්වන විශේෂ මාධ්‍ය හමුව අමතමිණි.
මෙම අවස්ථාවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටී.බී. සරත් මහතා, උප සභාපති, කිරි ගොවියන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා, ජාතික කමිටු සාමාජික, උක් ගොවීන් සුරැකීමේ එකමුතුවේ කැඳවුම්කරු වසන්ත පියතිස්ස මහතා, ජාතික කමිටු සාමාජික, හම්බන්තොට දිස්ත්‍රික් ගොවි නායක සුනිල් රත්නායක මහතා, ජාතික කමිටු සාමාජික, පැල්වත්ත සේවනගල උක් ගොවි සංවිධානයේ සභාපති එස්.පී. සිරිසේන මහතා, උතුරු පළාත් ගොවි නායක අනුර චන්ද්‍රසේකර මහතා, එළවලු කළාපයේ ගොවි නායක ඩබ්ලිව්.එම් ගුණවර්ධන මහතා, ජාතික කමිටු සාමාජික, මාතලේ දිස්ත්‍රික් ගොවි නායක සුනිල් රණවීර මහතා, කවුඩුල්ල ගොවි ව්‍යාපාර පදනමේ සභාපති, කිරි ගොවියන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ පොලොන්නරු දිස්ත්‍රික් නායක අශෝක කරුණාසේන මහතා ඇතුළු ගොවි නායකයින් එක්වී සිටියහ.
මෙහි සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවට අදාළ හඩ පට පහතින් පළ වේ…
නාමල් කරුණාරත්න මහතා
ටී.බී. සරත් මහතා
සුසන්ත කුමාර නවරත්න මහතා
වසන්ත පියතිස්ස මහතා
ඩබ්ලිව්.එම් ගුණවර්ධන මහතා
සුනිල් රත්නායක මහතා
සුනිල් රණවීර මහතා
එස්.බී. සිරිසේන මහතා
අරුණ චන්ද්‍රසේකර මහතා



















