ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සහ ජනාධිපතිවරයාත් හිටපු ආරක්ෂක ලේකම්වරයාත් ඝාතනය කිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් තොරතරු ඉදිරිපත් කළ නාමල් කුමාර මහතාගේ හඬ පට රජයේ රස පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (08) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
එහිදී මොහු විසින් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිදු කරන ලද ප්‍රකාශයක් මාධ්‍යවෙත ඉදිරිපත් කරමින් අදාළ තොරතුරු අනාවරණය කළ අතර ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරන ලදී.
මේ සම්බන්ධයෙන් මේ වනවිට නාමල් කුමාර මහතාගෙන් අවස්ථා දෙකකදී එම දෙපාර්තමේන්තු නිලධාරින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මේ අතර අද දිනයේදී නාමල් කුමාර මහතාට සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයිද නියෝග කර තිබේ.










