ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිපතිගේ උපදෙස් අනුව ක්‍රියාකරමින් අත්අඩංගුවට ගත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
යාපනේ දී සිදු කරන ලද ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට විජයකලා මහේෂ්වරන් මහත්මිය පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත පැමිණි අවස්ථාවේ දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
9










