මධ්‍යම පළාත් සභාවේත් නිල කාලය අදින් අවසන්

මධ්‍යම පළාත් සභාවේත් නිල කාලය අදින් අවසන්

මධ්‍යම පළාත් සභාවේ නිල කාලය අදින් අවසන් වන අතර ඒ අනුව පළාත් සභාවේ කටයුතු ආණ්ඩුකාර පාලනයකට යටත් වනු ඇත. මේ වන විට පළාත් සභා 04ක නිල කාලය අවසන්ව ඇති අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී උතුරුමැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභා තුනෙහි නිල කාලය අවසන් විය.

මේ අතර  අනිද්දා දිනයේදී වයඹ පළාත් සභාවේත් මෙම මස 25 වනදා උතුරු පළාත් සභාවේත් නිල කාලය අවසන් වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය. ලබන වසරේ අප්‍රේල් 10 වනදා දකුණු පළාත් සභාවේත් 21 වනදා බස්නාහිර පළාත් සභාවේත් නිල කාලය අවසන් වන අතර ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වන්නේ ලබන වසරේ සැප්තැම්බර් මස 08 වනදායි.

කෙසේවෙතත් නිල කාලය අවසන්ව ඇති පළාත් සභාවල මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් රජය මේ වන තෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර එම නිසා නිල කාලය අවසන්වන පලාත්සභා සදහා මැතිවරණ පැවැත්වීම දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

 

 

Facebook
Twitter
LinkedIn