ජාතික විද්වත් සංවිධානය, රට රකින රට හදන ජනතාවාදී පාලනයක් යන මැයෙන් සංවිධානය කරන ජන හමු මාලාවේ බදුල්ල දිස්ත්‍රික් සමුළුව අද(7) පස්වරුවේ විද්වතුන් වෘත්තිකයන් ඇතුළු ජන නායකයින්ගේ රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ජාතික විද්වත් සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් සභාපති, සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨයේ හිටපු පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයලත් අත්තනායක, ප්‍රවීන සාහිත්‍යවේදී නිශ්ශංක විජේමාන්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමරප්පෙරුම, ජවිපෙ නායක අනුර දිසානායක ඇතුළු විද්වතුන් වෘත්තිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.
5


















