විවිධ සූත්‍ර හදන ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ ජීවත්වීමේ සූත්‍රය සාදා නැතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා අද(7) පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.
වැඩ කරන ජනතාවගේ ජීවත්වීමේ සූත්‍රය හදනවා වෙනුවට, ආණ්ඩුව ජීවත්වීමේ සූත්‍රය හදාගෙන තුන්වේල කන්න නැති ජනතාවක් නිර්මාණය කර ඇතැයි වසන්ත සමරසිංහ මහතා පවසයි. එසේම ආණ්ඩුවේ ඇතැම් තනතුරු දරන මිනිස්සුන්ට ජනතාව ගැන හැඟීමක් නොමැති බවත් ආර්ථිකය හැසිරවීම යනු වැඩි වන විට වැඩි කිරීමටත් ජනතාවට බදු ගසා ආදායම් සොයාගැනීමවත් බඩුමිල වැඩිකිරීමවත් නොවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
එසේම සේවක අර්ථසාධක අරමුදල වෘත්තීය සමිතිවල විරෝධතාවය හමුවේ වුවද කොටස් වෙළඳපලේ ආයෝජනය කරන බවට කම්කරු ඇමති රවින්ද්‍ර සමරවීර විසින් සිදුකර ඇති ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් ඒවා කම්කරු ජනතාවගේ මුදල් මිස කම්කරු ඇමතිගේ මුදල් නොවන බවත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ආණ්ඩුව අනුගමනය කරමින් යන වැඩ පිළිවෙල පිළිබඳව වැඩකරන ජනතාව තව දුරටත් ඉවසා සිටිය යුතු නැති බවත් මෙම මස 23 වැනිදා ප්‍රගතිශීලී වැඩකරන ජනතාව සමඟ කොළඹ දී දැවැන්ත විරෝධතාවයක නිරතවන බවත් වසන්ත සමරසිංහ මහතා පැවසීය.










