ජාතික රෝහලේ ප‍්‍රධාන විකිරණ අංශයේ biopsy test නවතී

ජාතික රෝහලේ ප‍්‍රධාන විකිරණ අංශයේ biopsy test නවතී

ජාතික රෝහලේ ප‍්‍රධාන විකිරණ අංශය පසුගිය මාස 04ක පමණ කාලයක සිට ප‍්‍රධාන විකිරණ අංශයේ සිදුකල පටකවේදීය පරීක්ෂණ (biopsy test) මේ වනවිට  සම්පූර්ණයෙන්ම නවතා ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

මේ පිළිබද සොයා බැලීමේ දී පටකවේදීය පරීක්ෂණ සිදු කිරීම සඳහා භාවිතා කරන ඉදිකටු වර්ග (biopsy  needles)  නොමැතිකම නිසා මෙම පරීක්ෂණ නවතා ඇති බවට තොරතුරු වාර්ථා වන බව එම සංගමය පවසයි.මෙම ඉදිකටු වර්ග ඉතා මිල අධික බවත්, ඒවා විකිරණ අංශයට සපයනු ලබන්නේ රටේ ප‍්‍රධාන පෙලේ ඖෂධ හා ශල්‍ය උපකරණ ආනයනය කරනු ලබන සමාගම් කිහිපයක් හරහා බවත් පැවසේ.

මෙම ඉදිකටු නොමැති බව බොහෝ කලකට පෙර විකිරණ අංශයත්, රෝහලේ විශේෂඥ වෛද්‍යවරු විසිනුත් රෝහල් අධ්‍යක්ෂක ඇතුළු බලධාරීන්ට දැනුම් දී තිබේ. එහෙත් එම උපකරණ  ගෙන්වීමට විධිමත් වැඩපිළිවෙලක් පසුගිය කාලය මුළුල්ලේම ක‍්‍රියාත්මක නොවූ බව සේවකයින් පවසයි. 2017 සහ 2018 වර්ෂ සදහා ඇස්තමේන්තුවක් හෝ සකස්කර නොමැති බවටද තොරතුරු ලැබී ඇත. මේ ක‍්‍රියාදාමයන් පිටුපස බරපතල කොමිස් ජාවාරමක් තිබෙන බවටද තොරතුරු ලැබී ඇත.

විවිධ පිළිකා රෝග හදුනාගැනීම සම්බන්ධව සිදුකරන පරීක්ෂණ කලට වෙලාවට සිදුකර ගැනීමට තිබුණු හැකියාව මේ තත්වය තුළ රෝගීන්ට අහිමි වී ඇත. මෙය මුදල් හැකියාව නොමැති අහිංසක ජනතාවගේ ජීවිත වලට දැඩිව බලපා තිබෙන බවද සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

Facebook
Twitter
LinkedIn