“රට රකින රට හදන ජනතාවාදී පාලනයකට” නුවරඑළිය විද්වත්හු පෙළගැසෙති

“රට රකින රට හදන ජනතාවාදී පාලනයකට” නුවරඑළිය විද්වත්හු පෙළගැසෙති

රට රකින, රට හදන, ජනතාවාදී පාලනයක් යන මැයෙන් සංවිධානය කළ ජාතික විද්වත් සංවිධානයේ නුවරඑලිය දිස්ත්‍රික් සමුළුව අද(07) විද්වතුන්, වෘත්තිකයන් හා ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන ජයලත්, හිටපු විදුහල්පති ඩී.එම්.ජී. දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, ජාතික විද්වත් සංවිධනායේ නුවරඑළිය දිස්ත‍්‍රික් විධායක කමිටුවේ සාමාජික කථිකාචාර්ය, නාට්‍යවේදී මුනියන්ඩි කාලිදාස්, නීතිඥ අනුෂ්කා දර්ශනී තිලකරත්න, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.සී. ජයසිංහ, වෛද්‍ය උපුලී ඉන්ද්‍රානී කෙහෙල්වත්ත, ජාතික විද්වත් සංවිධානයේ නුවරඑළිය දිස්ත‍්‍රික් සභාපති ලංකා විදුලි බල මණ්ඩලයේ මාණ්ඩලික සම්බන්ධීකාරක අජිත් සෝමවික‍්‍රම, ව්‍යාපාරික මන්සූර් මොහොමඩ්, සාහිත්‍යවේදී, ගුරු උපදේශිකා සම්සාග් බෙගම් ඇතුළු විද්වතුන් වෘත්තිකයින් සහ ව්‍යාපාරිකයින් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

Facebook
Twitter
LinkedIn