ජනතාවාදී පාලනයකට හම්බන්තොට විද්වත්හු පෙළගැසෙති

ජනතාවාදී පාලනයකට හම්බන්තොට විද්වත්හු පෙළගැසෙති

ජාතික විද්වත් සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් දිසා සමුළුව ඊයේ(06) පැවැත්විණි.

එම අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක හෝකන්දයායේ චන්ද්‍රගිරි පුරාණ විහාරයේ විහාරාධිපති සපුගහයායේ සරණංකර නායකහිමියන් වහන්සේ, නයිගල පුරාණ රජමහ විහාරාධිපති ශාස්ත‍්‍රපති වකමුල්ලේ උදිත හිමි, රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විමලසිරි පුංචිහේවා, රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා අංශයේ ප‍්‍රධාන මහාචාර්ය එල්.එම්. අබේවික‍්‍රම, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ඇතුළු විද්වතුන්, වෘත්තිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිය හ.

මේ වන විට රට පත්ව ඇති ආර්ථික අර්බුධය සම්බන්ධව සහ එයට විසඳුම් කවරේද යන්න පිළිබඳව විද්වත් වෘත්තිකයන් විසින් අදහස් දක්වා සිටිය හ.

Facebook
Twitter
LinkedIn