අධික වර්ශාව හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මතුගම අලුත්ගම මාර්ගය, අලුත්ගම අවිත්තාව මාර්ගය,මතුගම යටදොල මාර්ගය ඇතුළු මාර්ග ගණනාවක් අද (7) උදෑසන වනවිට ජලයෙන් යටවී පැවති අතර ඊයේ (6) සන්ධ්‍යාවේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවීම නිසා එම පිවිසුම ද වසා දමා ඇත.
ඊයේ(6) සවස් කාලයේ සිට කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, අගලවත්ත,ඉංගිරිය, බුලත්සිංහල,මතුගම සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට නාය යාමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
දිවයිනේ වැඩිම වර්ශාපතනය මතුගම වෝගන් වත්ත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලි මීටර 102කි.
3









