ජල හිඟය හේතුවෙන් වසා දමා තිබූ රජරට විශ්ව විද්‍යාලයේ පීඨ කිහිපයක් හෙට(08) සිට යලි විවෘත කරන බව එම විශ්වවිද්‍යාල පාලනාධිකාරය නිවේදනය කරයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපා තිබූ දැඩි නියං කාලගුණය හේතුවෙන් පසුගිය මස 3 වැනිදා රජරට විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක් තාවකාලිකව වසා දැමුනු අතර මේ වන විට සිසුන්ට අවශ්‍ය ජලය නැවත සැපයීමට හැකියාව ඇති බැවින් කළමනාකරණ පීඨය, ව්‍යවහාරික විද්‍යා පිඨය, තාක්ෂණ පීඨය සහ සමාජ විද්‍යා හා මානව ශ්‍රාස්ත්‍ර පීඨය යන පීඨ හතර හෙට සිට විවෘත කිරීමට නියමිත බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කරයි.
5










