ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ශාව හේතුවෙන් මේ වන විට පවුල් 131ක සාමාජිකයන් 8469 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් එක් ජීවිත හානියක් සිදුව ඇති බවත් වාර්තා වේ.
ගංවතුරින් නිවාස 6කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 244කට අර්ධ හානි සිදුව තිබේ. අකුණු සැර වැදීමෙන් නිවාස 15කට හානි සිදුව ඇත. හානියට පත් ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව 52කි.
මියගොස් ඇත්තේ වඳුරඹ ඌරල ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි සිව් දරු පියෙකු වන අතර ඔහු ඊයේ(6) දින සවස සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බවත් අද දහවල් කාලයේ සිරුර සොයාගත් බවත් පොලීසිය පවසයි.
5









