මාතලේ සහ දඹුල්ල යන ප්‍රධාන රෝහල් දෙක ඇතුළු ප්‍රාදේශීය රෝහල් රැසක ජීවිතාරක්ෂක ඖෂධයක් වන ජල භිතිකා එන්නත (Anti Rabies Vaccine ) දින කීපයක සිට නොමැතිවීමෙන් සුනඛයින්, පූසන් හා වඳුරන් ආදී සතුන් සපා කෑමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙන් රෝගීන්ට පොලොන්නරුව, අනුරාධපුරය, කුරුණෑගල, මහනුවර යන දුර බැහැර පිහිටි රෝහල් කරා යාමට සිදුව තිබේ.
සුනඛයින්, පූසන්, වඳුරන්, රිලවුන් වැනි සතුන් සපා කෑමෙන් පසු රෝහල් කරා පැමිණෙන රෝගීන් හට වෛද්‍යවරුන් විසින් ජීවිතාරක්ෂක ඖෂධයක් ලෙස මෙම එන්නත ලබා ගැනීමට රෝගීන්ට අනිවාර්යයෙන්ම නියම කරනු ලබයි.
මෙම සතුක් සපා කෑමෙන් දෛනිකව මාතලේ හා දඹුල්ල යන රෝහල් දෙකට පමණක් රෝගීන් සියයකට අධික ප්‍රමාණයක් පැමිනෙන බව මේ රෝහලේ හෙද හෙදියන් ප්‍රකශ කරති.
මාතලේ රෝහලේ මෙම එන්නත සති දෙකක පමණ කාලයක සිටද දඹුල්ල රෝහලේ දින දෙකක පමණ කාලයක් සිටද නොමැති බව රෝගීහු කියා සිටිති.
මේ පිලිබදව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ඩබ්ලිව්.එම්.විජේකෝන් මහත්ගෙන් විමසීමේදී කියා සිටියේ මෙම එන්නත නොමැති බවට එම රෝහල්වලින් මේ වනතෙක් කිසිදු දැනුම්දීමක් කර නොමැති බවය. ඒ පිලිබදව සොයා බලන බවද ඒ මහතා පැවසූ අතර කොළඹ වෛද්‍ය සැපයුම් අංශයේද මෙම එන්නත හිඟ වුවහොත් පළාත් සභා රෝහල්වලටද මෙම තත්වය බලපාන බව ඒ මහතා වැඩිදුරටත් පැවසිය.










