ඩ්‍රෝන තාක්ෂණය ඉදිරියේදී රාජ්‍ය සේවයට

ඩ්‍රෝන තාක්ෂණය ඉදිරියේදී රාජ්‍ය සේවයට

රාජ්‍ය සේවයට ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගැනීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ පිළිබඳ එම අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් එම අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම වැඩමුළුව සඳහා දිස්ත්‍රික් ලේකම්වරු, ආයතන ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාවේ නියෝජිතයන් සහ පොලිස් නිලධාරීන් ද සහභාගී වී සිටියහ. සීමා නිර්ණයන්, ආපදා සහන සැළසීම්, කෘෂිකාර්මික ප්‍රදේශ හඳුනාගැනීම් හා ඒවායේ අවශ්‍යතා හඳුනාගැනීම, වැනි බොහෝ කාර්යයන් සඳහා ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක ඩ්‍රෝන තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳ  මෙහි දී කරුණු පැහැදිලි කරන ලදී.

ඇමෙරිකාව වැනි රටවල රාජ්‍ය පාලන කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය බහුලව යොදා ගන්නා නමුත් මෙවැනි දියුණු තාක්ෂණයක් අප මෙතෙක් භාවිතා කර නොමැති අතර හදිසි ආපදා අවස්ථාවල දී මෙවැනි තාක්ෂණයක් ඉතා ප්‍රයෝජනවත් වන බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මකවන පරිපාලන කටයුතු වඩාත් සාර්ථක කරගැනීම සඳහා ද ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට බලාපොරොත්තුවේ.

 

Facebook
Twitter
LinkedIn