ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානීයා අතුරුදන්

ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානීයා අතුරුදන්

ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානී චීන ජාතික මෙං හොංවෙයි අතුරුදන් වීම පිළිබඳව ප්‍රංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, සතියකට පෙර ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයේ සිට චීනයට පිටත්ව ගිය පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දී ඇති බව ය.

ඔහු ප්‍රංශය තුළදී අතුරුදන් වී නොමැති බවට AFP පුවත් සේවයට ප්‍රංශ විමර්ශකයින්ට සමීප මුලාශ්‍රයකින් තොරතුරු ලැබී තිබේ.

මෙං හොංවෙයි චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඔහු ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානියා ලෙස තේරී පත් වූයේ, වසර දෙකකට පෙර ය.

මෙං හොංවෙයිගේ බිරිඳ සිය ස්වාමි පුරුෂයා අතුරුදන් වී ඇති බවට පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කෙරිණි.

ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානියා බවට පත්වීමට පෙර ඔහු චීනයේ මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරීය.

Facebook
Twitter
LinkedIn