මහබැංකු බැදුම්කර කොමිසම හමුවේ අසත්‍ය තොරතුරු ලබාදුන් බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පවතින චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම වලක්වමින් අධිකරණයෙන් ලබා දී ඇති තහනම තවදුරටත් ක්‍රියාත්මක කරනවාද යන්න, ලබන 4 වනදා තීන්දු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(28) ප්‍රකාශ කර තිබේ.
එසේම සිද්ධියට අදාල සැකකාර හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 01 වැනිදාට පෙර අධිකරණ රෙජිස්ටාර්වරයාට බාර දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
0










