දුම්රිය ආඥා පණතට පටහැනිව, ජාතික දුම්රිය දෙපාර්තමේන්තුවේ නාමකරණය යොදාගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නොවන පෞද්ගලික සමාගමක් විසින් සිදුකරගෙන යන ජාවාරමක් පිළිබඳ සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය තොරතුරු හෙලිකර සිටියි.
ජාතික දුම්රිය කෞතුකාගාරය ලෙස පවත්වාගෙන යන මෙම ආයතනය දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නොවන්නක් බවත් මහජන දේපලක්ව පවතින කොළඹ මරදානේ දුම්රිය මූලස්ථානය අසල දුම්රිය ගබඩා අධිකාරී කාර්යාලය සතු ගොඩනැගිලි මෙම පෞද්ගලික සමාගමේ කටයුතු සඳහා යොදාගෙන ඇති බවත් මේ වන විටද දුම්රිය දෙපාර්තමේන්තුවට මහා පරිමාණ මුදල් වංචාවක් සිදුකර ඇති පුද්ගලයෙකු මෙම ජාවාරමේ නිරත වන බවත් සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය චෝදනා කර සිටියි.
මාධ්‍ය නිවේදනයක් යොමුකරමින් සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය මේ බව හෙලිකර සිටින අතර එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහතින් පලවේ.











