බලපත්‍ර රහිත පොහොට්ටු සභාපතිගේ ගව ඝාතකාගාරයේ හරක් 26ක් මස්කරද්දී මාට්ටු

බලපත්‍ර රහිත පොහොට්ටු සභාපතිගේ ගව ඝාතකාගාරයේ හරක් 26ක් මස්කරද්දී මාට්ටු

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ සභාපතිට අයත් බලපත්‍ර රහිත ගව ඝාතකාගාරයක ගවයින් 26 දෙනෙකු මස් කරමින් සිටි පුද්ගලයින් පිරිසක් ඊයේ(26) පොලිස් විශේෂ කාර්ය බලකායේ  නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රඹෑව ප්‍රාදේශීය සභාවේ බලය හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ අනු දැනුම මත කලක පටන් මෙම ගව ඝාතකාගාරය බලපත්‍ර ද රහිතව පවත්වාගෙන ගොස් තිබිණි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද දින අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එදිනට සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ එහි ලේකම්වරයා අධිකරණය හමුවේ පෙනීසිට කරුණු දැක්විය යුතු බවටත් නියෝග ලැබී තිබේ.

Facebook
Twitter
LinkedIn