පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් ලබන 11 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(27) නියෝග කළාය.
2015 වසරේ පෙබරවාරි මස 27 වැනිදා මහ බැංකු බැදුම්කර වෙන්දේසියේ දී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාඟම වෙත ඉහළ පොලී අනුපාත යටතේ බැදුම්කර නිකුත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 688ක් පාඩු සිදුකිරීම සඳහා ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ සැකකරුවන්ට එරෙහිව පවතින නඩුව අද කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කර තිබේ.
3










