ශ්‍රිලනිප සභාපති ලෙස නැවත මහින්ද ඉල්ලූ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

ශ්‍රිලනිප සභාපති ලෙස නැවත මහින්ද ඉල්ලූ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

ශ්‍රී.ලං.නි.ප. සභාපති ධූරය හොබවන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉවත්කොට ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට අදාලව නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කොට තිබූ ප්‍රතිශෝධන අයදුම්පත, විභාගයට නොගෙනම නිශ්ප්‍රභා කිරීමට පළාත් සිවිල් අභියාචන මහාධිකරණය අද(27) කටයුතු කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් වන බොරලැස්ගමුව නගරාධිපති අනුර ප්‍රියශාන්ත සහ නාගරික මන්ත්‍රී අසංක නන්දන යන මහත්වරුන් විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණයට මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත්කර තිබේ.

පෙත්සමේ වගඋත්තරකාර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවයක් සළකා බැලූ බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම් පත‍්‍රය මෙලෙස විභාගයට නොගෙනම නිශ්ප‍්‍රභ කළේය.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් පක්ෂයේ සභාපති ධූරය සඳහා සුදුස්සෙකු නොවන බවත් ඒ සඳහා හිටපු ජනාධිපතිවරයා නැවත පත්කරන ලෙසත් පෙත්සම්කරුවෝ කොළඹ දිසා අධිකරණයෙන් ප්‍රතිශෝධන අයදුම්පත හරහා ඉල්ලීම් කොට තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්