ඩොලර් උල්පත් විකුණාදාපු මහින්ද කියනවා රට ආපහු දෙන්න කියලා.. මහින්දට බැන බැන රනිල් ණය ගන්නවා.. අනුර රුපියල ගැන කතා කරයි…

ඩොලර් උල්පත් විකුණාදාපු මහින්ද කියනවා රට ආපහු දෙන්න කියලා.. මහින්දට බැන බැන රනිල් ණය ගන්නවා.. අනුර රුපියල ගැන කතා කරයි…

මේ දිනවල දේශපාලන වේදිකාවේ ප‍්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ රුපියල කඩාවැටීම පිළිබඳවයි. රටේ ආර්ථික අර්බුදයේ ගැඹුර කොතෙක්දැයි රුපියල කඩාවැටීමෙන් පෙන්නුම්කරමින් තිබේ.

ජවිපෙ නායක අනුර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාත්, රනිල් වික‍්‍රමසිංහ මහතාත්, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාත් කරන ප‍්‍රකාශවලට පිළිතුරු ලබාදුන්නේ මේ දිනවල ජාතික විද්වත් සංවිධානය මගින් රටපුරා පවත්වමින් යන දිස්ත‍්‍රික් සමුළු මාලාවට ආරාධිත දේශකයෙකු ලෙස සහභාගි වෙමිනි.

කළුතර දිස්ත‍්‍රික්කයේ පැවැති සමුළුවේදී අනුර දිසානායක මහතා රුපියල කඩාවැටීම පිළිබඳ දීර්ඝ පැහැදිළි කිරීමක් කළේය.

“අපේ රටේ ආනයන අපනයන පරතරය 100%ක්. අපේ රටට සියල්ල ආනයනය කරන්න සිදුවෙලා. නිෂ්පාදන ආර්ථිකය බිඳවට්ටලා. අපනයනවලින් ලැබෙන ආදායම අවම වෙලා. ඒ විතරක් නෙවෙයි අපි ලෝක වෙළෙඳ පොලේ අත්කරගෙන තිබෙන පංගුව මේ වනවිට 0.0045% දක්වා අඩුවෙලා. රට පාලනය කරපු පාලකයින් ලෝක වෙළෙඳ පොළේ සැලකිය යුතු පංගුවක් අත්කරගන්න කටයුතු කළේ නැහැ.

ඒ විතරක් නෙවෙයි ලංකාවේ ඩොලර් උල්පත් පිට රට සමාගම්වලට විකුණලා දැම්මා. කොළඹ වරායේ ජැටිය, තෙල් ටැංකි, හම්බන්තොට ඉඩම් පිටරට සමාගම්වලට දීලා අපේ රටේ ඩොලර් උල්පත් අහිමි කරපු මහින්ද දැන් කියනවා ආපහු රට දෙන්නලු. ඒ වුනාට රුපියල ගැන ඇහුව්වාම වටපිට බලනවා. කබ්රාල් කියන එක තමයි මුමුණන්නේ මොන නායකයොද මේ.

ඒ විතරක් නෙවෙයි රුපියල කඩාවැටීමට බලපෑවේ මහින්ද ගත්ත ණය කියලා කියන ගමන් රනිල් තව තවත් ණය ගන්නවා. වෙන උත්තරයක් මේ පාලකයින්ට නැහැ.

මංගල කියනවා රුපියල කඩාවැටුණට ආර්ථිකය කඩාවැටිලා නැහැ කියලා. නොදන්න ආර්ථික විද්‍යාව ගැන කතා නොකර ඉන්න කියලා මංගලට කියනවා. මුදල් ඇමතිකම නෙවෙයි ගිහින් වෙන රස්සායක් කරන්න කියලා එයාට අපි කියනවා. මොකද රටේ ආර්ථික අර්බුදයේ ප‍්‍රකාශනය තමයි රුපියල කඩාවැටීම. දැන් මේකට කෙටිකාලීන වගේම දීර්ඝකාලීන විසඳුමක් ඕනෑ. නැත්නම් දෙසැම්බර් වනවිට ඩොලරය වෙනුවෙන් රුපියල් 200කට ආසන්න ප‍්‍රමාණයක් අපිට ගෙවන්න සිදුවෙන බව ආර්ථික විශේෂඥයෝ කියනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්