ජනමත විචාරණයකට යායුතු කිසිම වගන්තියක් 20න් සංශෝධනය කරලා නැහැ

ජනමත විචාරණයකට යායුතු කිසිම වගන්තියක් 20න් සංශෝධනය කරලා නැහැ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති 20වන සංශෝධනය ජනමත විචාරණයකට යා යුතු බවට වන දේශපාලන මතයේ ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම සිටි බවත් ඒ සම්බන්ධයෙන් 20වන සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කළ මොහොතේ සිටම ප්‍රකාශ කළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

“ශිෂ්ඨත්වය වෙනුවෙන් සම්මත කළ යුතු 20” මැයෙන් විද්වත් සංවාදයක් ඊයේ (26) කොළඹ නවනගර ශාලාවේදී පැවැත්වූ සම්මන්ත්‍රණයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන 20වන සංශෝධනය මගින් ජනමත විචාරණයකට තුඩු දෙන වගන්ති කිසිවක් මෙහි සංශෝධනය කර නැති බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණයේදී ජනතා විමුක්ති පෙරමුණ නීති තර්ක ඉදිරිපත් කළ බවත් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා සඳහන් කර සිටියේ ය.

කෙසේවෙතත් මෙම සංශෝධනය රටේ මූලික නීතියට අදාල වන බැවින් එය ජනතාවට සෘජුවම සම්බන්ධ වන නිසා ජනමත විචාරණයකට යාම සුදුසු බවත් සඳහන් කළ ඒ මහතා තවදුරටත් පවසා සිටියේ මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේදී 2/3න් සම්මත කර ජනමත විචාරණයකට ඉඩ සලසා දිය යුතු බවයි.

බොහෝ පිරිසක් අද මෙය ජනමත විචාරණයකට රැගෙන යාමට බිය වී ඇති බවත් ඒ මහතා අවධාරණය කළේ ය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවති මෙම විද්වත් සංවාදය සඳහා ආරාධිත දේශකයින් ලෙස කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය චන්දන අබේරත්න මහතා, ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

අනුර දිසානායක මහතා අදහස් දක්වමින්…

Facebook
Twitter
LinkedIn