සයිටම් විරෝධී පාර්ශව නැවත එක්වෙයි

සයිටම් විරෝධී පාර්ශව නැවත එක්වෙයි

පනතක් මගින් සයිටම් පෞද්ගලික වෛද්‍ය ආයතනය අහෝසි කර තිබියදී ලැබුණු උසාවි නියෝගය හේතුවෙන් නැවතත් රටතුළ දැවැන්ත අර්බුදයක් ඇතිවන බවට සයිටම් විරෝධී පාර්ශවයන් ප්‍රකාශ කර සිටියි.

සයිටම් ගැටලුව සම්බන්ධයෙන් අද(26) කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකර සිටියහ.

සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන නව තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා වෘත්තිය සමිති, දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන කිහිපයක් එක්ව අද පස්වරුවේ කොළඹදී මෙම සාකච්ඡාව පැවැත්වූහ.

Facebook
Twitter
LinkedIn