රට රකින, රට හදන, ජනතාවාදී පාලනයක් උදෙසා රටට ආදරය කරන විද්වතුන්ගේ එකමුතුවෙන් නිර්මාණය වූ ජාතික විද්වත් සංවිධානයේ දිස්ත්‍රික් සමුළුවලට සමගාමිව එතෙර පැවැත්වූ පළමු “ජාතික විද්වත් කතිකාව” පසුගිය 15වනදා ඕමානයේ මස්කට් හි අල් මසා ශාලාවේදී එතෙර අපි ඕමාන් ශාඛාවේ මෙහෙයවීමෙන් හා ජාතික විද්වත් සංවිධානයේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මේසදහා ජාතික විද්වත් සංවිධානයේ ජාතික කමිටු සාමාජික වෛද්‍ය. එච්.පි ධම්මික මහතා සහ ඕමානයේ අල් සාදි පුද්ගලික රෝහලේ සේවය කරනු ලබන වෛද්‍ය. ප්‍රගීත් අතාවුද මහතාද සහභාගී වූහ.
මෙහිදී වෛද්‍ය. එච්.පි ධම්මික මහතා ජාතික විද්වත් සංවිධානයේ අරමුණු සහ මෙහි ක්‍රියාකරිත්වය මෙන්ම ඒ සදහා එතෙර වෙසෙන ලාංකිකයන්ට දායක විය හැකි ආකාරය පැහැදිලි කරක ලදී.
එම අවස්ථාවට පැමිණ සිටි ඕමානයේ වෙසෙන ලාංකිකයන් විසින් රටේ අනාගතය සැලසුම් වියයුත් ආකාරය ගැන අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලදී.
මෙහිදී තවදුරටත් අදහස් දක්වූ වෛද්‍ය. එච්.පි ධම්මික මහතා රටේ ප්‍රතිපත්ති සම්පාදන කමිටු සමග විද්‍යුත් තැපල් මගින් අදහස් හා යෝජනා ජාතික විද්වත් සභාව වෙත ලබාදිය හැකි බවත් ඒ සදහා සක්‍රියව දායකත්වය ලබා දෙමින් රට රකින, රට හදන, ජනතාවාදී පාලනයක් ගොඩනගන සුවහසක් ශ්‍රී ලාංකේය ජනතාවගේ සිහිනය සැබෑ කරන නව සමාජ පරිවර්තනයක් වෙනුවෙන් නිර්මාණය වූ මේ පුළුල් ජනතා බලවේගය වටා එක්වන ලෙසත් සියලු දෙනාටම ආරාධනා කරන ලදී.
මිට අමතරව සැප්තැම්බර් 15 දිනට පෙර ඕමානයේ ප්‍රදේශ කීපයකදීම ශ්‍රී ලාංකික ප්‍රජාව සමග ජාතික විද්වත් සංවිධානයේ සුහද හමු පැවැත්වා තිබූ අතර එහිදී අදහස් හා යෝජනා රැසක් ලබාගැනීමටද හැකිවී තිබේ.



















