යෝෂිත පුතුට හා ඩේසි ආච්චිට නඩු පැවරීමට නීතිපති උපදෙස් පතයි

යෝෂිත පුතුට හා ඩේසි ආච්චිට නඩු පැවරීමට නීතිපති උපදෙස් පතයි

මුදල් විශුද්ධිකරණය චෝදනාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරෙස්ට් මහත්මියට එරෙහිව නඩු පැවරීම සඳහා නීතිපති උපදෙස් ලබාගැනීමට උදෘත ගොනුකර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(26) දැනුම් දී ඇත.

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරෙස්ට් මහත්මිය අයථා මාර්ගයෙන් මුදල් උපයාගෙන ඇති බවටත් එසේ ඉපයූ මුදල් ව්‍යාපාර කටයුතු සහ දේපළ මිලදී ගැනීම සඳහා යොදවා ඇති බවටත් ලද පැමිණිල්ලක් මත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පැවැත්වීය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද මේ බව ප්‍රකාශ කර සිටියේ රත්මලාන පිහිටි රුපියල් මිලියන 36ක වටිනාකමකින් යුතු ඉඩමක් මිලදීගැනීම සම්බන්ධ සිද්ධියකට අදාල නඩුවක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවන ලද අවස්ථාවේ ය.

Facebook
Twitter
LinkedIn