ගැබිණි කාන්තාවක් ඇතුළු තිදෙනෙකුට කැති පහරදුන් පිවිතුරු හෙළ උරුමයේ සීගිරියේ ධම්මින්ද හිමියන්ට ඇප

ගැබිණි කාන්තාවක් ඇතුළු තිදෙනෙකුට කැති පහරදුන් පිවිතුරු හෙළ උරුමයේ සීගිරියේ ධම්මින්ද හිමියන්ට ඇප

සිගිරිය -හෙන්වලයාගම ප්‍රදේශයේදී අටමස් ගැබිණි කාන්තාවකට, ඇගේ සැමියාට හා සොහොයුරාට කැත්තකින් පහර දී බරපතල තුවාල සිදුකිරීම චෝදනාව යටතේ අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පිවිතුරු හෙළ උරුමයේ ක්‍රියාකාරී භික්ෂුවක් වන සීගිරියේ ධම්මින්න හිමිනමට අදාළ නඩුවෙන් ඇප ලබාදීමට මහේස්ත්‍රාත් එස්.බි ඉලංගසිංහ මහතා විසින් කටයුතු කර තිබේ.

එම හිමිනම අද (26) යලි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා හිමිනමට තදින් අවවාද කර රුපියල් 5,000ක මුදලින් හා රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

මෙම හිමිනම මීට පෙර සිගිරිය-හේන්වලයාගම ප්‍රදේශයේ කාන්තාවක් විහාරස්ථානයට ධානය රැගෙන ආ අවස්ථාවේ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවටද රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අතර එම අවස්තාවේදීද අධිකරණය තදින් අවවා එම හිමිනමට ඇප ලබාදී තිබිණි.

මෙම හිමින උදය ගම්මන්පිල මහතාගේ පක්ෂය නියෝජනය කරමින් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හිමිනම්ක් ලෙසද කරටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් සිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර මීළඟ නඩු දිනය ඔක්තෝම්බර් මස 18 දින යළි කැ‍ඳවීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn