අනුරගේ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම්වෙයි

අනුරගේ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම්වෙයි

අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමානීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත වුවද එය නීත්‍යානුකූල නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධානය අනුර දිසානායක මහතා සඳහන් කරයි.

අනුර දිසානායක පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් මතු කරමින් අනාවරණය කරන්නේ පළාත් සභා පනත අනුව පළාත් සභා සීමානීර්න කොමිෂන් වාර්තාව ඇමතිවරයා වෙත ලැබී සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ඉන් මාසයක් ඇතුළත එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2/3ක ඡන්දනේ එය සම්මත කරගැනීමට කටයුතු නොකරන්නේනම් කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සුළු ජන කණ්ඩායම්වල නියෝජිතයින් එක්ව සීමානීර්න වාර්තාව සමාලෝචනය කර කළ යුතු බවයි.

මෙම වාර්තාව සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ මාර්තු 08වනදා බවත් ඒ අනුව එය අප්‍රේල් 08වනදාට පෙර එය පාර්ලිමේන්තුවේ විවාද කර 2/3කින් සම්මත කර ගත යුතුව තිබූ නමුත් එය සිදු නොකිර සිට පළාත් සභා පනත උල්ලංඝණය කරමින් මෙලෙස පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම නිතීවිරෝධී බවය.

කෙසේ නමුත් අද දින මෙය 2/3කින් සම්මත කර ගන්නේනම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට හෙට සිට මැතිවරණය කැඳවීමට හැකි බවද අනුර දිසානායක මහතා සඳහන් කළේ ය.

අනුර දිසානායක මහතාගේ මෙම ප්‍රශ්න කිරීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් හටගත් ගත් අතර මහින්දපිලේ මන්ත්‍රීවරු, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු, සභානායකවරයා සහ පළාත් පාලන ඇමතිවරයා අනුර දිසානායක මහතාගේ අදහසට ප්‍රතිපක්ෂව අදහස් දැක්වූ අතර එහිදී අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේ මහින්ද පිලත්, එජාපයත් මෙම වාර්තාවට පක්ෂව ඡන්දය ලබාදෙන්නේද යන්නයි.

Facebook
Twitter
LinkedIn