විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කළ ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනාට ඇප

විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කළ ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනාට ඇප

ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්යෙන් චෝදනා ලැබ සිටින හිටපු, ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව්දෙනාට එරෙහි පවරා ඇති නඩුවට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන්ට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදීමෙන් පසු ඇප ලබාදී ඇත.

ඔවුන්ට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 10ක් වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ශරීර ඇප මත මුදා හැරීමටත් ඔවුන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගමන් තහනම් කිරීමටත් ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

මෙහි සෙසු සැකකරුවන් වන්නේ ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන තිදෙනාය.

Facebook
Twitter
LinkedIn