පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ විවාදය අද (24) පැවැත්වීමට නියමිතය.
අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිතව තිබිණි.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය සහ මහින්ද පිල අදාළ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.
කෙසේ නමුත් මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබෙන්නේ විපක්ෂය ඉල්ලා සිටින්නේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් බවය.
ජනතා විමුක්ති පෙරමුණද නව ඡන්ද ක්‍රමයට කැමැත්ත පළ කරන බව මේ වනවිට ප්‍රකාශ කර තිබේ.
4










