ඇමරිකා – චීන ආර්ථික ගැටුම් ඇවිලේ

ඇමරිකා – චීන ආර්ථික ගැටුම් ඇවිලේ

චීනයෙන් ආනයනය කරන කෘෂිකාර්මික, ඉලෙක්ට්‍රොනික සහ යතුරුපැදි ඇතුළුව ඇමරිකානු ඩොලර් බිලියන 16ක් වටිනා භාණ්ඩ සඳහා ඇමරිකාව විසින් යලි බදු පනවා ඇතැයි වාර්තා වේ.

මෙයට ප්‍රතිචාර වශයෙන් චීන රජයද ඇමරිකාවෙන් ආනයනය කරන ගල් අඟුරු, ඖෂධ සහ මෝටර් රථ සඳහා බදුමිල වැඩි කර ඇත.

චීනය හා ඇමරිකාව ලෝක ආර්ථිකයෙන් තමන්ට හිමි පංගුව වැඩි කර ගැනීම උදෙසා ද්වන්ධ යුද්ධයක නිරතව ඇත. මෙම රටවල් විසින් එකිනෙකාට විරුද්ධව සිදුකරගෙන යන සටන ලෝක ආර්ථිකයටම මේ වන විට බලපෑම් එල්ලකර ඇතැයි විචාරකයෝ පසුගියදා ප්‍රකාශ කළේය.

Facebook
Twitter
LinkedIn