ලක්ෂ 5ට අඩු ආදායම් උපයන කලාකරුවන්ට බදු නිදහස්  

ලක්ෂ 5ට අඩු ආදායම් උපයන කලාකරුවන්ට බදු නිදහස්  

වසරක් තුළ රුපියල් ලක්ෂ 05ට අඩු ආදායම් ඉපයු කලාකරුවන් කිසිසේත්ම ආදායම් බදු ගෙවීමට අදාළ නොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (23) පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශ කළේය.

අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත සහ සුරබදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට යොමුකරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“නව බදු පනත තුළින් කලාකරුවන්ගේ නිර්මාණවලදී ලැබෙන ආදායම්වලින් අයකරන බදු කලින් තිබුණාට වඩා 4%ක් වැඩිවෙලා තිබෙනවා. එයට ඉක්මන් සහනයක් ලබාදෙන්න අපි කටයුතු කර තිබෙනවා. ටෙලිනාට්‍ය විකාශනය කිරීමේදී සිදුකරන බදු ගෙවීම සම්බන්ධයෙන් යම් අපහසුතාවක් ඇති බව කලාකරුවන් අපිට දැන්වුවා.

ඔවුන් වෙනුවෙන් විශාල බදු නිදහසක් ලබාදෙන්න කටයුතු කළා. කලාකරුවන්ට හා ගත්කතුවරුන්ට අයකරන බදුවලදී  මාසයකට රැපියල් පනස් දහසට (රු. 50,000) වඩා වැඩි ආදායමක් ඉපයු කලාකරැවන්ගෙන් පසුගිය රජය අයකළ 10% ආදායම් බද්ද වහා ක්‍රියාත්මක වන පරිදි 05% දක්වා අඩුකිරීමට තීරණය කර තිබෙනවා.

මාසයකට රැපියල් 50,000ට වඩා වැඩි ආදායමක් උපයන කලාකරුවන්ලෙන් ගත්කතුවරැන්ගෙන් 05%ක  රදවාගැනීමේ බද්ධක්. වසර අවසානයේදී රැපියල් ලක්ෂ 05ට අඩු ආදායම් ඉපයු කලාකරුවෙකු සිටීනම් ඔවුන් ගෙවු රදවා ගැනීමේ බද්ධ නැවතත් ආපසු ලබාගැනීමට ඉඩකඩ සලසා දීමට කටයුතු කිරීම නව පන‌තේ විශේෂත්වයක්.” යැයිද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn