ගෝඨාට නිකුත්කළ නොතීසි නැවත කැඳවයි

ගෝඨාට නිකුත්කළ නොතීසි නැවත කැඳවයි

ලබන සැප්තැම්බර් මස 7 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රජපක්ෂ මහතාට නිකුත්කර තිබූ නොතීසිය අවලංගුකර නැවත කැඳවා තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මැදමුලන ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් ලක්ෂ 800 අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සැප්තැම්බර් 07 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත සිතාසි නිකුත් කර තිබිණි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් සිද්ධියට අදාල පළමු සැකකරු වන ගෝඨාභය රාජපක්ෂ වෙත ඉකුත් ජූලි මස 20 වැනිදා මෙම නොතීසි නිකුත් කිරීම සිදුකළ අතර එම නොතීසිය අභියාචනාධිකරණ නියෝගයකට පටහැනි බව පෙනීයාම හේතුවෙන් තමාට හිමිව ඇති බලතල ප්‍රකාරව එම නොතීසිය අවලංගු කරන බවත් නොතීසිය නැවත කැඳවන බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පවසා තිබේ.

එසේම සැප්තැම්බර් 7 අධිකරණයේ පෙනීසිටිය යුතු බවට නිකුත්කළ නොතීසිය අවලංගු කර සැකකරු වෙත භාරදෙන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත නියේග කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්