දුමිරිය වෘත්තීය සමිති හා ජනාධිපතිවරයා අතර අද(23) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡා අසාර්ථක වී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.
වැටුප් විෂමතාව නිවැරදි කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති සහ පාළක යන ශ්‍රේණි පසුගියදා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ අතර ජනාධිපතිවරයා ගැටලු විසඳන බවට ලබා දුන් පොරොන්දු මත වර්ජනය තාවකාලිකව නතර කිරීමට දුම්රිය වෘත්තීය සමිති පියවර ගත්හ.
කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති නායකයින් හා ජනාධිපතිවරයා අතර අද පැවැත්වූ සාකච්ඡාවෙන් අතරතුරදී දුම්රිය සේවයේ ගැටලු විසඳීමට තවත් මාස දෙකක කාලයක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා ඇති බවත් දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයෝ එම ඉල්ලීමට සිය අප්‍රසාදය පලකර ඇති බවටත් වාර්තා වේ.
මේ අනුව දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයෝ ගතයුතු මීළඟ පියවරයන් කවරේදැයි යන්න තීරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි ද වාර්තා වේ.










