ශ්‍රී ලංකන් ලොක්කෝ පැය 8ක් උත්තර බඳිති

ශ්‍රී ලංකන් ලොක්කෝ පැය 8ක් උත්තර බඳිති

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල සිදුව ඇති දූෂණ සම්බන්ධව සෙවීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම අද(23) ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එම සමාඟමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ගෙන් පැය 8කට අධික කාලයක් පුරා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අදාල සමාගම්වල සිදුව ඇති දූෂන සිද්ධීන් සම්බන්ධව සෙවීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම සිදුකළ දැනුම් දීමකට අනුව අද පෙරවරු 8.30ට පමණ ප්‍රකාශ සටහන් කර ගැනීම ඇරඹී ඇති අතර කොමිසමේ විමර්ශන නිලධාරීහු කපිල චන්ද්‍රසේන මහතාගෙන් පස්වරු 2.30 පමණ දක්වාත් නිශාන්ත වික‍්‍රමසිංහ මහතාගෙන් පස්වරු 4.00 පමණ දක්වාත් ප‍්‍රකාශ ලබා ගත්හ.

අදාළ සමාගම්වල සිදුව ඇති අක්‍රමිකතාගැන සෙවීමට පසුගිය පෙබරවාරි 14 වැනිදා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද මෙම කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ග්‍රණරත්න මහතා කටයුතු කරන අතර අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර් අමරසේකර, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති එම්.ඩී.ඒ හැරල්ඩ් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්,ජේ.කේ ගීගනගේ මෙනවිය කොමිසමේ සෙසු සාමාජිකයින් වෙයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්