රනිල්, සාගල මංගල උත්සවයටත් හෙලිකොප්ටරයෙන් යයි

රනිල්, සාගල මංගල උත්සවයටත් හෙලිකොප්ටරයෙන් යයි

අද (23) පෙරවරුවේ දඹුල්ලේ පැවති මංගල උත්සවයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අමාත්‍ය සාගල රත්නායක මහතාත් හෙලිකොප්ටරයකින් ගොස් ඇති අතර ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන් මෝටර් රථවලින් එම ස්ථානයට ගොස් ඇත.

අග්‍රාමාත්‍යවරයා සහ සාගල රත්නායක මහතා මෙලෙස පෞද්ගලික උත්සව සඳහා හෙළිකොප්ටර් භාවිතා කරමින් ජනතා මුදල් අධික ලෙස වියදම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි විවේචනයක් එල්ල කරමින් සිටින අතර මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙකු පැවසූවේ “මහින්දගෙයි රනිල්ගෙයි කිසි වෙනසක් නැහැ… මහින්දත් රට වටේ ලෝකේ වටේ සවාරි ගැහුවේ අපේ සල්ලිවලින්… ඒකට බැන බැන ආපු රනිලුත් දැන් කරන්නේ ඒකමයි… ආරක්ෂක කණ්ඩායමට මහ පාරේ වාහනවල එන්න පුළුවන්නම් රනිල්ට මොකද එන්න බැරි…” යනුවෙනි.

මෙම මංගල්‍ය පවත්වා ඇත්තේ අගමැති ආරක්ෂක අංශයේ සේවයේ නියුතු යුවලකගේ වීමද විශේෂත්වයකි.

තමන් ලඟ සේවය කරන අයෙකුගේ මංගල්‍යය උත්සවයක් මග හැර සිටීම සිදු කළ නොහැකි නමුත් ඒ සඳහා මේ සා විශාල මුදලක් වියදම් කිරීම අනුමත කළ නොහැකි යැයි බොහෝ පිරිසක් සඳහන් කරති.

අග්‍රාමාත්‍යවරයා සහ සාගල රත්නායක මහතා පැය දෙකක පමණ කාලයක් එහි රැඳී සිට පසුව ආපසු කොළඹ බලා පිටත්වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්