අපේරටේ ගුවන්සේවා පාලනය ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස්වෙමින විනාශවෙමින් ලෝකයේ තවත් එක් ගුවන් සේවයක් පමණක් බවට පත්වෙමින් පවතින මොහොතකට අප එළඹ ඇත. රාජපක්ෂ පාලන කාලයේදී තම ඥාතීන් විසින් තමන්ගේ පෞද්ගලික බූදලයක් බවට පත්කරගත් ලංකාවේ ගුවන් සේවයට කර ඇති හානිය මේ වනවිට රටට හෙළිදරවු වෙමින් ඇත. ඒ තත්වය වෙනස් කරන්නේ යැයි කියමින් බලය ලබාගත් යහපාලන පාලකයෝ රාජපක්ෂලාගේ තැනින් වික‍්‍රමසිංහලාගේ තැනට මේ වනවිට ගුවන් සේවය පත්කරගැනීමට කටයුතු සියල්ල සම්පාදනය කොටගෙන ඇත.
රනිල් මෛතී‍්‍ර ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියමවී ඇත්තේ රටේ සම්පත් කුණුකොල්ලයට විකිණීමයි. නොඑසේනම් බදු දීමයි. බදු දියහැකි, විකිණියහැකි ඕනෑම දෙයක් වේද එය බදු දීම හෝ විකිණීම යහපාලන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය බවට පත්ව ඇත. අලුතෙන්ම වාර්තා වෙන්නේ ශී‍්‍ර ලංකා ගුවන්සේවා සමාගමට අයත් සම්පත් බදු දීමයි. නොඑසේනම් විකිණීමයි. කටුනායක ගුවන් තොටුපොළ ආශ‍්‍රිතව ගුවන් සමාගම යටතේ පාලනයවන රථගාල් තුනක් විය. එය පාලනය කළේ සහ එහි ආදායම ලබාගත්තේ ගුවන් සමාගම විසිනි. එය කටුනායක ගුවන් තොටුපොළට එන ජනතාවට මහත් සහනයක් බවට පත්විය. තම ඥාතියෙකු, හිතවතෙකු, ගුවන් ගමනක් සඳහා ගුවන් තොටුපොළට පැමිණි කළ හෝ විදේශයක සිට සියරටට තම ඥාතියා හෝ හිතවතා පැමිණෙන තුරු තමන් ගුවන් තොටට පැමිණි රථය ආරක්ෂා සහිතව නවතා තැබීමට මෙම රථගාල් අතිශය වැදගත් මෙහෙවරක් කළේය. එය මෙහෙවරකටත් වඩා සේවයක් විය.
ගුවන් තොටුපොළට අදාළ රථගාල් තුන බදුදීම සඳහා ගුවන් සේවා සමාගමේ පාලානාධිකාරිය මේ වනවිට කටයුතු කොට ඇත. පසුගිය ජූලි මස 31 වෙනිදා ටෙන්ඩර් කැඳවා තිබූ අතර අදාළ රථගාල් බදු ගැනීම සඳහා ටෙන්ඩර් තුනක් ඉදිරිපත්ව තිබී ඇත. මෙහිදී කාර් පාර්ක් එක ඉදිරිපත්වූ එක, දෙක, තුන ටෙන්ඩර්පත් අතරින් තුන්වෙනි ටෙන්ඩර්කරුට බදු දීමට සමාගම තීරණය කරන ලදී. ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය පසුගිය පළමුවැනිදා විරුධත්වය ප‍්‍රකාශකොට මෙය තාවකාලිකව නතරකරන ලදී. ඒ වනවිට අදාළ ටෙන්ඩර් ගත් ආයතනය රථගාලට අදාළව යටිතල පහසුකම්ද සකස් කරන ලදී. විශේෂයෙන්ම ගේට් ටුසවිකිරීම පවාසිදු කොට තිබුණි. මේ තත්වය මත ගුවන් සමාගමේ සභාපතිවරයා විසින් සියලූම සේවකයන් කැඳවා විශේෂ රැුස්වීමක් පවත්වා ප‍්‍රකාශකොට ඇත්තේ ගුවන් සේවා සමාගමේ අදාළ රථගාල් විකිණීමක් සිදු නොකරන බවත් සිදුකරනු ලබන්නේ බදු දීමක් පමණක් බවත් ප‍්‍රකාශකොට ඇත්තේ සේවකයන්ගේ විරෝධය සමනය කිරීමටය.
ගුවන් තොටුපොළ කළමනාකාරවරයා ප‍්‍රකාශකොට ඇත්තේ මෙම රථගාල් තමන්ට පවත්වාගෙනයාමේ හැකියාවක් නොමැති බවයි. සභාපතිවරයාත් අධ්‍යක්ෂ මණ්ඩලයත් ළඟ තබාගෙන අදාළ කළමනාකරු ප‍්‍රකාශකොට ඇත්තේ තමන්ට මෙය කිරීමට නොතේරෙන බවකි. එවිට වහාම මැදිහත් වී ඇති සේවකයෙකු මේ තත්වයට රථගාල් පත්වී ඇත්තේ කළමනාකාරවරයාගේ දුර්වල පරිපාලනය හේතුවෙන් බව ප‍්‍රකාශකොට ඇත. එහිදී අදාළ කළමනාකාරවරයා අදාළ චෝදනාවද පිළිගෙන ඇත. අදාළ බලධාරීන් නිරතුරුව පවසන්නේ මේ රථගාල් තුළ විශාල ලෙෂ මුදල්වංචා වන බවකි. මේ තත්වයට වගකිවයුත්තේ අදාළ පාලකයන්ය. ආණ්ඩුවේ වුවමනාව ඉටුකරමින් කිසිදු සොයාබැලීමක් නොකළ අදාළ පාලකයන් මෙය බදුදීමයැයි කියමින් පෞද්ගලීකරණය කිරීමේ දැවැන්ත උත්සාහයක නිරතව ඇත. කෙසේ වුවත් කිසිදු අවස්ථාවක සිදුවන්නේයැයි කියන මූල්‍ය වංචා හෙළිදරවුකරගැනීමට හෝ අදා ළවංචා නැවැත්වීමට මේ බලධාරීන් කිසිදු පියවරක් ගෙන නැත. කිසිදු පියවරක් නොගෙන වංචා සිදුවන්නේයැයි කියමින් නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් මොවුන් සිදුකොටඇත්තේ බදුදීමට අවශ්‍ය කොන්දේසි සපුරාදීමය. ගුවන් තොටුපොළ පාලනාධිකාරිය තමන්ගේ අඩුව සම්පූර්ණ කරගැනීමට උත්සාහ ගනිමින් ඇත්තේ වසර තුනකට අදාළ රථගාල් පෞද්ගලික අංශයට බදුදීමය.
අදාළ ටෙන්ඩර්පත් අතරින් තුන්වෙනියට ඉදිරිපත්වූ ටෙන්ඩරයට අනුමැතිය හිමිව ඇත. අදාළ ටෙන්ඩරය ලබාගත් පුද්ගලයා එංගලන්තයේ පදිංචිවසිටින්නෙකි. අදාළ පුද්ගලයාට කොළඹ ප‍්‍රධාන පෙළේ රථගාල් කිහිපයක්ම පවතිනබව කියවේ. ඔහුට මෙම ටෙන්ඩරය ලබාදීමට එරෙහිව කණ්ඩායමක් නැගීසිටියේ ඒ පිටුපස තිබූ දේශපාලන උවමනාවක් සම්පූර්ණ කිරීමට බව අමුතුවෙන් විස්තර කළ යුතුව නැත. මේ බදුදීම තුළ ටෙන්ඩර් මගඩියක් සිදුවඇතැයි කියමින් ශී‍්‍රලනිප වෘත්තීය සමිති තර්ක මතු කරද්දී හෙළි වූයේ මෙම ටෙන්ඩර් තුළ රාජපක්ෂ ආණ්ඩුවේ රැුකවරණ හිමිවූ පාතාල කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ චණ්ඩිමල්ලීගේ බෑනාකෙනෙකුද ටෙන්ඩර්පතක් ඉදිරිපත්කොට ඇති බවයි. ඔහුට අවස්ථාව ලබාදීමට මේ පිරිස කටයුතු කරමින් සිට ඇත. කෙසේ වුවත් අවසානයේ ටෙන්ඩරය හිමිවූ පුද්ගලයාගේද ටෙන්ඩරය අත්හිටුවන ලදී.
අවසානයේදී නීත්‍යානුකූල ලෙෂ ටෙන්ඩරය හිමිවූ පුද්ගලයාට අධිකරණයේ පිහිට පතන්නට සිදුවිය. එහි ප‍්‍රතිඵලයක්ලෙස ගුවන් සමාගමට අධිකරණය විසින් නියෝග කොට ඇත්තේ අදාළ පුද්ගලයාටම ටෙන්ඩරයට අනුව රථගාල් ලබාදීමට කටයුතු කළයුතු බවයි. නමුත්, සැලසුම වී තිබී ඇත්තේ පාතාල නායකයෙකුගේ බෑනනුවකුට ටෙන්ඩරය ලබාදීමටයි. කෙසේවුවත් අධිකරණයේ මැදිහත්වීමෙන් එය වැළකීගොස් ඇත. එබැවින් බදුදීම දක්වා මේ රථගාල් පරිහානියට පත්කරන ලද්දේ ගුවන්තොටුපොළ පාලනාධිකාරිය විසිනි. ඔවුන්ගේ පාපයට අවසානයේ වන්දිගෙවීමට සිදුව ඇත්තේ සේවකයන්ට සහ පොදු මහජනතාවට ය.
ගුවන්සේවා සමාගම විසින් පාලනය කරන ලද කාලයේදී රථගාල්වල මාසික ආදායම රුපියල් ලක්ෂ හතළිස්පහක් පමණවනබව කියවේ. මෙම රථගාලේ නවත්වනු ලබන ඕනෑම රථයකින් අයකරනු ලබන්නේ රුපියල් දෙසීයක් පමණි. ඒ අනුව නිශ්චිත වේලාවක් නැතිව අදාළ රුපියල් දෙසීයයට ඕනෑම වෙලාවක් නවත්වා තබාගත හැකිය. මේ වනවිට බදු ලබාගෙන ඇති ආයතනය මාසික ආදායම ලෙස ගණන්බලා ඇත්තේ රුපියල් මිලියන 21 කි. (රුපියල් දෙකෝටි දස ලක්ෂයක්) ඉන් ඔවුන් මිලියන නමයහමාරක් හෙවත් ලක්ෂ 95ක් ගුවන් සමාගමට ගෙවීමට එකඟ වී ඇත. මෙම සමාගම මුදල් උපයා ගන්නා මාර්ගයද පැහැදිලිකොට ඇත. ඔවුන් රථයක් නැවැත්වීමේදී අයකරනමුදල ලෙෂ සඳහන්කර ඇත්තේ රුපිය ල්දෙසීයකි. අමතර සෑම පැයකටම රුපියල් සියය බැගින් අයකිරීමට තීරණය කොට ඇත. සමාගම සතුව පවතිද්දී දළවශයෙන් පැය දහයක් වාහනයක් නවතා තැබීමට වැයවන්නේ රුපියල් දෙසීයකි. එහෙත් නව තත්වය යටතේ දළවශයෙන් පැය දහයක් එක්වාහනයක් නවත්වා තැබීමට රුපියල් එක්දහස් එකසියයක් ගෙවියයුතුව ඇත. සාමාන්‍ය ජනතාව මෙතෙක් කල් ගුවන් තොටුපොළට පැමිණ වාහනය නවතා තැබීමට අය කළ රුපියල් දෙසීය වෙනුවට දැන් ජනතාවට දහස් ගණනින් ගෙවීමට සිදුව ඇත. මේ තත්වයට ජනතාව ඇදදමා ඇත්තේ ගුවන් තොටුපොළ පාලනාධිකාරියයි.
මේ බදු දීමට එරෙහිව සැබෑ ලෙෂ පෙනීසිට ඇත්තේ අන්තර් සමාගම් සේවක සංගමය පමණකි. ශී‍්‍ර ලනිප කණ්ඩායම විරෝධයදක්වා ඇත්තේ බදුදීමට නොව තම හිතවතුන්ගෙන් පිට බදු දීමට එරෙහිව ය. ජනතාවගේ යහපත වෙනුවෙන් පැවති රථගාල් තුනක් විකුණන් කන මට්ටමේ පහත් තැනකට මේ පාලකයන් පත්ව ඇත්තේ කෙසේද යන්න ගැන පුදුමවියයුතු නැත. තමන්ගේ දේශපාලන නොහැකියාව පමණක් නොව ආර්ථික නොහැකියාවද මේ වනවිට මේ පාලකයන් ප‍්‍රදර්ශනය කොට ඇත. පොදු වැසිකිළියක් වුවද පෞද්ගලික සමාගමකට බදුදීමට තරම් මානසික මට්ටමකට මේ පාලකයන් පත්ව ඇතිබව කටුනායක රථගාල් සිද්ධියෙන් මානව පැහැදිලිවේ.
එස්.කේ. ගමගේ – ලංකා ඉරිදා සංග්‍රහය










