2018 ඡන්ද හිමි නාමලේඛනයට අලුතින් ඇතුළත් කළ නම් සහ ඉන් ඉවත් කළ නම් ප්‍රධර්ශනය සෑම ග්‍රාම නිලධාරී කාර්යාලයකම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම සිදු කෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව අදාල නම් ලබන සැප්තැම්බර් 9 වනදා දක්වා ප්‍රධර්ශනය සිදු කරයි.
නම් සම්බන්ධ විරෝධතා ඇත්නම් සැප්තැම්බර් 9 වනදාට පෙර ඉදිරිපත්කර නිවරදි කර ගැනීමට හැකියාව පවතින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා නිවේදනය කරයි.
8










