බස්නාහිර පළාත් සභාවේ නව සභා ශාලාවට සවි කිරීමට බලාපොරොත්තුවන පුටුවක මිල රුපියල් 650,000ක් බව අනාවරනය විමෙන් පසු එ් පිළිබඳව තමන් විසින් ආණ්ඩුකාරවරයාට යවන ලද ලිපිය පාදක කරගෙන බස්නාහිර පළාත් මහ ඇමති ඉසුරු දේවප්‍රිය මහතා අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බව සඳහන් කරමින් එයට විරෝධය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා විසින් අද (22) පැවති පළාත් සභා සැසිවාරයේදී පෞද්ගලික පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
සභා කටයුතු කාරක සභාවක් යනු කුමන කාරක සභාවක්ද යන්න අදාළ බස්නාහිර පළාත් කාර්ය පටිපාටි රීති මගින් පැහැදිලි කර ඇති අතර ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතාගේ පෞද්ගලික පැහැදිලි කිරීම මගින් එම රීතීන්ද ඉදිරිපත් කර ඇත.
එම සම්පූර්ණ යෝජනාව සහ අදාළ රීතීන් පහතින් පල වේ.
12
















