ගංවතුර හේතුවෙන් දින ගණනක් වසා දමා තිබූ කොචින් ගුවන් තොටුපල ලබන 29 වැනිදා විවෘත කරන බව කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිවේදනය කරයි.
පසුගිය දින කිහිපයේ දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජලයෙන් යටවිය. මේ හේතුවෙන් ගුවන් ගමන් වාර අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කළ අතර නැවත ගුවන් තොටුපළ විවෘත කරනු ලබන දිනය ප්‍රකාශයට පත් කළේ අදය.
බලපෑ අයහපත් කාලගුණික තත්වය මේ වන විට ක්‍රමයෙන් පහව ගොස් ඇති අතර කේරළයේ ජීවිත හා දේපළ හානි රැසක් ජල ගැලීම්, නායයාම් ඇතුලු ස්වභාවික ආපදා හේතුවෙන් අහිමි විය.
5










