ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුබද්ද පවුල් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 20හි මාස දෙකකට අධික කාලයක් පුරා ගර්භනී මව්වරුන්ට ලබාදෙන ෆෙරස් සල්ෆේට්( යකඩ පෙති) ඹෟෂධය නොමැති බව වාර්තා වේ.
මාස දෙකකට අධික කාලයක් මාතෘ සායන සඳහා මෙම ඹෟෂධය ලැබී නොමැති බවත් මේ හේතුවෙන් ගර්භනී මව්වරුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් අදාල නිලධාරීහු පවසති.
ගලේවෙල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප‍්‍රදේශයට අයත් පවුල් සෞඛ්‍යය මධ්‍යස්ථාන 20 ක ලියාපදිංචිව සිටින ගැබිණි මවුවරුන් 800 ආසන්න ප‍්‍රමාණයකට මේ නිසා පෞද්ගලික ඔසුසල්වලින් විවිධ මිල ගණන්වලට ඹෟෂධ මිලදි ගැනිමට සිදුව ඇත. අඩු ආදායම් ලාභී පවුල් වල සිටින මවුවරුන්ට මෙම ඹෟෂධය මිලදි ගැනීමට නොහැකිවීමේන් ඔවුන් අසරණව ඇත.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ වෛද්‍යය ශාන්ති සමරසිංහ මහත්මියගෙන් විමසීමේදී ඇය ප්‍රකාශ කළේ තමා මේ සම්බන්ධයෙන් දැනුම්වත් නැති බවත් සිය නිලධාරින් යවා සොයා බලා කඩිනමින් මෙම ඹෟෂධ ලබා දීමට පියවර ගන්නා බවත් ඇය පැවසීය.










