ස්ථාවර මිලක් ඉල්ලා ගම්මිරිස් ගොවියෝ පාරට බැසීමට සැරසේ

ස්ථාවර මිලක් ඉල්ලා ගම්මිරිස් ගොවියෝ පාරට බැසීමට සැරසේ

ගම්මිරිස් ගොවීන් මුහුන පා ඇති ගැටලු සඳහා රජය විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වී සිටිය ද මේ දක්වා එම පොරොන්දු ඉටු නොවී ඇති බවත් වහාම එම ගැටලු විසඳීමට මැදිහත් නොවන්නේනම් ගොවී ජනතාව සමඟ දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද(22) බදුල්ලේ දී පැවසීය.

පසුගිය වසරවල ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 2000ක පමණ මිලකට අලෙවි කළ හැකි වුවද විදේශීය ගම්මිරිස් ආනයනය හේතුවෙන් දේශීය ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 500කටත් වඩා පහළ බැස ඇතැයි නාමල් කරුණාරත්න මහතා පවසයි.

මේ හේතුවෙන් දේශීය ගම්මිරිස් ගොවීන් සිය වගා කටයුතු අතහැර ඇති බවත් මෙම ගැටලු සඳහා රජය සෘජුව වගකිව යුතු බවත් නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රදේශයේ ගොවි ගැටලු සාකච්ඡා කිරීම සඳහා කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්