විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන කණ්ඩායම තුළ මේ වනවිට විවිධ පිපිරීම් ගැටීම් දෙදෙරායාම් හටගෙන ඇති අතර මහින්ද පිලේ එවන් තවත් එක් ගැටුමක් මේ වනවිට වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් අතර හටගෙන තිබේ.
පළාතේ තනතුරු බෙදාගැනීම සම්බන්ධයෙන් මෙම ගැටුම හටගෙන ඇති අතර ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් කරනු ලබන මහ ඇමති අපේක්ෂයා සම්බන්ධයෙන් මේ වනවිට තියුණු ගැටුමක් නිර්මාණය වී ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට ලක්වූ හිටපු අමාත්‍යවරයෙක් වයඹ පළාතේ මහ ඇමතිවරයා ලෙස පත් කිරීමට සැලසුමක් ඇතැයි පවසමින් මෙම ගැටුම නිර්මාණය වී ඇත.
152










