වරාය සේවක සමූපකාර බැංකුව දිවයිනේ හොඳම සමූපකාර බැංකුව බවට පත්වෙයි

වරාය සේවක සමූපකාර බැංකුව දිවයිනේ හොඳම සමූපකාර බැංකුව බවට පත්වෙයි

රටේ හොඳම සමූපකාර බැංකුව ලෙස වරාය සේවක සමූපකාර බැංකුව සම්මාන හිමිකරගෙන තිබේ.

මේ වනවිට වසර 14ක පමණ කාලයක් පුරා වරාය සමූපකාරයේ බලය හොබවනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ද වරාය වෘත්තීය සමිතිය වන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය විසිනි. වරාය සමූපකාර බැංකුව පවත්වාගෙන යන්නේද ඔවුන් විසිනි.

ගිණුම් ශේෂයන් නිවැරදිව පවත්වාගෙන යාම, සුභසාධන කටයුතු සිදු කිරිම, නිවැරදිව විගණනයන් සිදු කිරීම, ළමා ගිණුම් පවත්වාගෙන යාම, නියමිත කාලයට නියමිත වැඩ කටයුතු සිදු කර අදාළ වාර්තා සමූපකාර දෙපාර්තමේන්තුව වෙත නිසි පරිදි ලබාදීම ආදී නිර්නායක රැසක් සැලකීමට ලක් කරමින් මෙම සම්මාන පිදීම සිදු කර ඇත.

ඒ අනුව සමූපකරයක් විසින් පවත්වාගෙන යන දිවයිනේ හොඳම බැංකුව ලෙස වාරය සේවක සමූකාර බැංකුව කටයුතු කරයි.

මෙලෙස සම්මානයට පාත්‍රවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කර සිටියේ විනිදභාවයකින් යුතුව මූල්‍ය කටයුතු පවත්වාගෙන යාමත් නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ කාර්යක්ෂම වැඩ රටාව සහ කැපවීමෙන් යුතුව නිවැරදිව වැඩ කිරීමත් නිසා වරාය සමූපකාර බැංකුව දිවයිනේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත්‍රවූ බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතියක් බලය හොබවන මූල්‍ය ආයතනයක් ලෙස සේවක මුදල් නිසි පරිදි ආරක්ෂා කිරීමට හැකි වීම ගැන තමන් සතුටට හා ආඩම්බරයට පත්වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn