ප්‍රතිසංස්කරණ මුවාවෙන් කුඹුක්කඩවල දැව ජාවාරමක සූදානමක්

ප්‍රතිසංස්කරණ මුවාවෙන් කුඹුක්කඩවල දැව ජාවාරමක සූදානමක්

පොල්පිතිගම – කුඹුක්කඩවල මහ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු මුවාවෙන් වැව් බැම්මේ ඇති කුඹුක් ගස් 150කට අධික ප්‍රමාණයක් කපා දැමීමේ කූඨ උපායක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීන් පවසයි.

පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුක්කඩවල මහ වැවේ රොන්මඩ ඉවත් කර එය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් අරඹා දැනට වසරක් පමණ වුවද මේ දක්වාත් වැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු නිම කර නැති බවත් වැව් බැම්මේ  ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මෙම මහ ගස් කපා දැමීම සඳහා අංක යොදා සඳකුණු කර ඇති බවටත් ඔවුහු චෝදනා කරති.

වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු මුවාවෙන් සිදුකිරීමට යන මෙම පරිසර විනාශයට ප්‍රදේශවාසීන් දැඩිව විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. එසේම මෙම ක්‍රියාව වැලැක්වීමට අදාල පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Facebook
Twitter
LinkedIn