ලිදුල උප සභාපති ඇප මත නිදහස්

ලිදුල උප සභාපති ඇප මත නිදහස්

ලිදුල නගර සභාවේ උප සභාපති ලෙස කටයුතු කරන එල්. භාරතිදාසන් මහතා පසුගිය දා තලවකැලේ වතුයායේ තේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී රුපියල් විසි දහසක පමණ අලාභයක් සිදුකළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් අද(21) පොලිස් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ.

උප සභාපතිවරයා අයුතුලෙස තේ ඉඩමට ඇතුළු වී රුපියල් විසි දහසක අනර්ථයක් සිදුකළ බවට එම වතුයායේ පාලන අධිකාරිය මගින් තලවකැලේ පොලීසිය වෙත මෙම පැමිණිල්ල ගොනු කර තිබුණි.

පැමිණිල්ලට අදාල නඩුව ලබන මස 18 වනදා තෙක් කල් තැබීමටත් උප සභාපතිවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමටත් නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

එල්. භාරතිදාසන් මහතා සම්බන්ධව මීට පෙර අවස්ථාවලද පැමිණිලි කිරීම් හා වරෙන්තු නිකුත් කිරීම් පවතින බවද මේ වන විටත් පොලිස් ඇප මත සිටි සැකකරුවෙකු බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn